Tuesday, May 4

කාටද මතක? උපාලි ධනවලවිතාන - 22 වන ගුණානුස්මරණය අදයි!

අදට හරියටම වසර 22කට පෙර දැයෙන් සමුගත් සොඳුරු කලාකරුවෙකි, උපාලි ධනවලවිතාන. ඔහු ගැන අද බොහෝ දෙනෙක් නොදන්නා හැඩයි. ඔහු ගැන යන්තමින්වත් සඳහනක් කෙරුණා නම් ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් පමණි.



රණ දෙරණ 
මිහිදුම් සිහින
අම්මේ මට සමාවෙන්න
ගෙදර බුදුන් අම්මා

වැනි චිත්‍රපට බිහිවූයේ ඔහුගේ පෑන් තුඩිනි.
හත් වළල්ල කන්ද කපා 
මුව හසරැළි
උදුම්බරා මනාලියේ
රන් සඳ හස කැන්
පෙර එක දවසක
සුදු වත කමලේ

ඇතුළු තවත් සරල ගීත ගණනාවක්ද ඔහු අතින් බිහි විය.

1988 මැයි 4 වැනිදා අප අතරින් සමුගත් කලාකරුවාණෙනි! මේ ඔබට උපහාරයකි.
සක්වළ එතෙරට ඇසෙනා 
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා කරවන
එකම හඬයි අම්මා...
මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා...


කල්ප කාල දිගු ගමන් තලාවේ
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කරපිට හිඳුවා එගොඩට පීනා
සමුදුර තරණය කරලා
මවකගෙ මුවගින් විවරණ ලැබුවා
බුදුහිමි බුදුබව පතලා


සුරංගනාවන් පැල් බැඳ අහසේ
දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කළ පින් මහිමයටයි
අම්මාවරු දුක් ගන්නේ....

ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ!

අහන්න


ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ විශාරද නන්දා මාලනී

සංගීතය - සරත් දසනායක

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ "ගෙදර බුදුන් අම්මා" චිත්‍රපටයෙනි.

"ස්වර්ණ සංඛ" හොඳම ගායනයට හිමි සම්මානය.

3 comments:

  1. ඔයා මාර ඩේටා බේස් එකක් නේ අප්පා . .

    නියමයි . .

    ගොඩක් වටින පෝස්ට් එකක් . . . ගොඩක් ස්තූතියි මේ විස්තර වලට . . .

    ඔහුටත් අමරණීය නිර්මාණ කරන / කල සියලුම කලාකරුවන්ටත් මේ සටහන අනිවාර්යෙන් උපහාරයක් වේවී . . .

    ReplyDelete
  2. සිංදු ටිකත් මතකයි... නමත් මතකයි... ඒත් රුව තමයි නගේ මතක නැත්තෙ ...

    ඔයාට පින් මේ උපහාරයට!

    ReplyDelete
  3. අයියටයි අක්කටයිත් තැංකූ කිව්ව ගොඩවෙලා ගුණ කිව්වට....
    රුව නම් මටත් මතක නැහැ අක්කෙ! ඒත් ගීත තුළින් රුව පෙනෙනවනෙ ඒ ඇති
    :-)

    ReplyDelete