Monday, November 8

කෝල ඔය හිතට මං තාම හරි ආදරෙයි

සිතිජ ඉම මායිමෙන්
පාට දේදුණු මැකී
මතක ලුහුබැඳ ගොහිං
සුවඳ දෝතට ගෙනෙයි
ඈත දුර සඳ දිලෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝල ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි

සීත රෑ පිණි වගේ
සුසුම් හද පාරවයි
නීල තරු ඇස් දෙකක්
අරං හඳ මෝදු වෙයි
නපුරු දම් පාට හැන්දෑවෙ මං අසරණයි

කුමුදු කොඳ මල් පිපෙයි
සෙනෙහෙ හසරැලි නැඟෙයි
මිලින නෙත් මත වෙළී
හාදු වැස්සක් වැටෙයි
දරා ගන්නත් බයයි
හිරුත් දැන් අවදි වෙයි
ඔන්න මනමාල සුළි සුළඟ හරි කරදරයි

සිතිජ ඉම මායිමෙන්
පාට දේදුණු මැකී
මතක ලුහුබැඳ ගොහිං
සුවඳ දෝතට ගෙනෙයි
ඈත දුර සඳ දිලෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝල ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි .................................