මං කවුද කියල දැනගන්න කැමති අය මෙතන කොටන්න.

:-D

ඔය ආවෙ ඕපදූප හොයන්න..
හුහ්...
මං කවුද කියල බොලාට වැඩක් ඇතැයි?
මං කවුද කියල නෙමෙයි, මං කියන්නෙ මොනවද කියල බැලුවොත් නරකද හැබෑටම?

ඔය ඉතිං....ඔය හැටි කේන්ති ගන්න එපා. මං පොඩි විහිළුවක්නෙ කලේ.

මම  නිදහසට සහ ස්වාධීනත්වයට කැමති, හැමදාම ඉගෙනගන්න වර්ගයේ කෙනෙක්.

මේ මං, මං ගැන සහ අනිත් අය ගැන දකින හැටි සුනිල් එදිරිසිංහයන් ගායනා කරපු හැටි.

හැඩරුවින් නෙත පුබුදු වේ නම්,
සුවඳ පවනට හාදු දේ නම්,
පිපී, හිනැහී පරව යා නම්,
මලට කුමකට වාසගම්??

පොළොව සනහා වැසි වසී නම්,
ගලා ඇළ - දොළ - වැව් පිරේ නම්,
තෙමා කෙත් බිම් සරු කෙරේ නම්,
කුමට යල - මහ කල් බැලුම්??

සොඳුරු දෑසින් ලොව දකී නම්,
මිනිස්කම ලියලා වැඩේ නම්,
හදේ සෙනෙහස ජනිත වේ නම්, 
නොවෙද අප ලේ නෑසියන්??



ලිව්වෙ කවුද කියල හොයාගන්න නැති එක නොවැ කරුමෙ.  

5 comments:

  1. ඔයා කවුද කොහෙන්ද ආවෙ කියන දෙ වැදගත් නැහැ, මොනවද දෙන්නෙ කියන එක තමයි වැදගත්.. එත් මෙහෙම ඔයා අපිව රවට්ටන එක හොද දෙයක් නෙමෙයි.. ඔප දුපයක් නෙමෙයි ඔයාව දැනගන්න එක... අපිත් කැමති නොදන්න එකවගෙ හිතන පතන අයව හදුන ගන්න..හොද අක්කාවගෙ අපිව රවට්ටන්න එපා... කැමතිනම් දාන්න, නැත්නම් බොරුවට නොදා ඉන්න

    ReplyDelete
  2. ඒකත් ඇත්ත නේන්නම්!
    සමාවෙන්නෝනැ...
    මල්ලි, මම හිතන්නෙ මම ඔයාගෙ super senior කෙනෙක්. DCPE

    ReplyDelete
  3. හිහ් හී.. ඕං වෙනස් කලා ටිකක්

    ReplyDelete
  4. ඇත්තෙන්මයි

    ""සොඳුරු දෑසින් ලොව දකී නම්,
    මිනිස්කම ලියලා වැඩේ නම්,
    හදේ සෙනෙහස ජනිත වේ නම්,
    නොවෙද අප ලේ නෑසියන්??"".......

    ReplyDelete