Showing posts with label වියෝ වූවන්. Show all posts
Showing posts with label වියෝ වූවන්. Show all posts

Saturday, May 22

කාලය මැවු වෙනසක අරුමේ......(අනේ අනිච්චේ, දුක්ඛේ!!!!)



දහසක් කඳුළැලි
සුවහසක් සෝ සුසුම්
එකට කැලතී 
එක රැයින් ගොඩ නැඟුණු 

ම'දෙස හෙලූ නුඹ නෙතු 
සැංගී උණුසුම් කඳුළක්.....

විසි වසක් පුරාවට 
දුටිමි 
එනු යනු 
දැරීමි සියල්ල 
නොදොඩා නොසෙල්වී....

තුරු ලතා වල් 
සැරසුණු මා ගත 
ජරා ජීර්ණවූ
වෙහෙස වසං කළ 

 මදෙස හෙලන්නේ 
අනුරා බැල්මකි!


ප.ලි.
දුක්බර කතාවක් රැගත් මේ ස්මාරකය එකල ප්‍රෞඪව නැඟී සිටි බවටයි සාක්ෂි ලැබුණේ.
එහෙත් අද..... "ශෝචනීයයි" කියනු හැර වෙනත් කුමක් නම් කරමුද?
"වියෝ වූවන් සමරමු" හිසින් යුතුවූ, කළු - සුදු, ජරා ජීර්ණ ඡායාරූප කිහිපයක්ම ලැබුණු නමුදු නොපිපුණු, බොහෝ කලකට පෙර නැඟුණු මේ කවි පොහොට්ටුව, අද පිපෙන්නේ පළ කළ හැකි මට්ටමේ සේයාරුවක් ලැබුණු නිසාවෙනි.
අන්තර්ජාලයට මුදා හැරුණු විගසම එය හොරකම් කරගන්නට සිදුවූයේ යටි හිතේ පැසවමින් තිබූ මේ ආශාව නිසාමය.
එහෙයින් මෙය හොරකම් කිරීම පිළිබඳවත්, මෙම පිංතූරයෙහි පහළ කොටසෙහි වූ පියකරු තරුණ පිරිසගේ මූණත්තහඩු කපා දැමීම (crop) පිළිබඳවත් මෙහි අයිතිකරු මා හට සමාව දෙනු ඇතැයිද සිතමි.
එය එසේම වේවා!

නොතේරුණ අයටයි මේ හැඳින්වීම,
මේ, 80 දශකයේ අඳුරු කාල පරිච්ඡේදය තුළ වියෝ වූ සියළු දෙනා සිහිවීම පිණිස මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති ස්මාරකයයි. එකළ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල මෙය ඉදිකර තිබුණත්, අද වනවිට එය සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් විවෘත කෙරෙන පිවිසුමක් වන නිසා තරමක් පාළු ස්ථානයක් බවට පත්වී ඇත. එපමණකුදු නොව, අද දරුවන් මෙය කුමක්දැයි පවා නොදන්නා සෙයකි! වසර ගණනක් තිස්සේ උදේ හවා එතැනින් පියමං කරන, මගේ දෙනෙතට හසුවන දසුන් මා හද කම්පා කරවයි. මේ සිතිවිල්ල බිහිවී හදේ පැසව පැසවා පැවතියේ එහෙයිනි.