මම නම් විශ්වාස කරන්නෙ කවි කියන්නෙ 'ලියන්න' පුළුවන් දෙයක් නෙවෙයි 'ලියවෙන්න' ඕන දෙයක් කියල. අනික මට කවියක් ලියන්න ඕන කියල හිතුවට ලියන්නත් බෑ. ඒකටත් මං හිතන්නෙ වෙලාවක් තියෙනව. හොඳට හිතට වැදුනම නම් ලියවෙනව පට ගාල.
ඕකෙන් මේකෙන් මට කවි මඩුවට එකතු වෙන්නත් බයයි; හදිස්සියට ලියවුනේ නැත්නම්!
දැනුත් ලියවෙන්නෙ නැති හන්ද පරණ 'සිතුවිලි පොතෙන්' එකක් ඉස්සුව.
මේක බොහොම කාලෙකට ඉස්සර මගෙ අතින් ලියවෙච්ච එකක්......
ලිව්වෙ ඇයි කියල නම් අහන්න එපා.......

පසුබිම් පිංතූරය ගත්තෙ: මෙතැනින්
සඳ
විනිවිද
ලද
යනවද
බොඳවී
මුසුවී
තනිවී
හිමිවී
මොහොතේ
වැකෙතේ
වරතේ
නොවැටහෙතේ
කවි ලියවෙන්න ඕනෙ දෙයක් කියල තමයි මමත් හිතන්නෙ. සමහරුන්ටනම් දක්ෂතාවය තියනව ලියන්නත්. මටනම් ඉතින් අදහසක් ඔලුවෙ ටිකක් කල් පල් වෙවී තියෙන්න හෝ එකපාරට පොල්ලෙන් ගහන්න වගේ සැරට දැනෙන්න ඕනෙ කවියක් ලියන්න. එහෙම නැතිවිට හිතට බල කරල කවි ලියන්න යනඑක හරිම දුෂ්කර අද්දැකීමක්.
ReplyDeleteමේ වගේ රිද්මානුකූලව ලියන කවි ලියන්න නම් මට අමාරුයි.
ලස්සනට ලියල තියනව මේ කවිය.
kavi maduvata ekathu venna baya venna epa..enna try karala balanna...beri venne nehe,,
ReplyDeletelassanayi nirmanaya
කවියනං ඉතිං හොඳා....සක්කපද එහෙමත් තියෙනවා..නරක නෑ මැනිකෙගෙ කවී......
ReplyDeleteගොඩක් හොඳ කවියෝ බිහිවෙලා තියෙන්නේ විරහව හින්දා කියලා මට හිතෙනවා . . .
ReplyDeleteමේ කවිය ත් කවිකාරියත් ඒකට සාක්ෂියක් නෙමෙයිද?
සහතික ඇත්ත ඒ කතාවනම් පෑනකුයි කොලේකුයි අතට දීල පැත්තකට වෙලා කවියක් ලියපන් කිව්වට මටනම් ලියන්නම බෑ. එහෙම වෙලාවට පද දෙක තුනක්වත් හරි හැටි ගැටගහගන්න බෑ. ඒත් සමහර වෙලාවල් වලට වක්කඩ කැඩුවා වගේ ගලාගෙන එන කවිපද එහෙමම අමතක වෙලත් යනවා. මොකද එක පදයක් ලියවෙද්දි තව පද 100ක් විතර හිතට එන නිසා. හිතට බල කරලා කවි පද එලියට ගන්න අමාරුයි මටත්.
ReplyDelete