Sunday, July 18

අයැදිමි...


නෑසෙන්න පවසන්න,
නෙක පැතුම් සවන'තට.

ඉඩ දෙන්න පිවිසෙන්න,
ඔබ ඉන්න ඒ ලොවට.

ඔබ මෙන්ම විඳගන්න,
ඔබෙ හැඟුම් මගෙ ලෙසට.

පිබිදෙන්න! එක්වෙන්න!
මගෙ පැතුම් මහමෙරට....
.
.
.

7 comments:

  1. ලස්සනයි සහෝ.......

    ඒ වගේම...


    " හැඩරුවින් නෙත පුබුදු වේ නම්
    සුවඳ පවනට හාදු දේ නම්
    පිපී හිනැහී පරව යා නම්
    මලට කුමකට වාසගම්!!! "

    නුඹේ අඩවියෙ
    වැඩිමනක්ම
    හිත ගියා මට
    මෙන්න මේකට

    ReplyDelete