Tuesday, July 6

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

අම්මප ඇත්ත නේන්නං!!!
දීපංකො උත්තර!!!

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ? 

ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්....  

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//

අහනවනං මේං

එඩ්වඩ් ජයකොඩි
සෝමරත්න දිසානායක
රෝහණ වීරසිංහ

4 comments:

  1. good blog, keep it up

    lets answer those who tarnish Buddhism

    බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න

    http://lanka1-answers.blogspot.com/

    ReplyDelete
  2. මටත් වෙලා තියනදෙයක්...........ලස්සන් සින්දුවක්

    ReplyDelete
  3. මෙහෙම ඉතිං ඔබ කිව්වට
    මං කොහොමද බහක් දෙන්නේ
    ආල හිතක් උපදින්නට
    තව ඉඩ නෑනේ :-(
    සින්දුව ලස්සනයි..!

    ReplyDelete
  4. ලංකා වන් ට පිළිතුරු ,
    thanks.

    ඉලංදාරියා,
    අනේ අපොයි!
    ඉතිං ඈ බහ දුන්නද?

    nimanthi ,
    එහෙනම් නුඹ නාකි වෙවී - ඔහු එනතුරු බලා ඉඳිං
    මම නම් නෑ තවදුරටත් බලාන ඉන්නේ
    වෙන එකියක් අරං එන්න - හත් දොහේම මඟුල් කන්න
    මම බහ දෙනවා දැන්මම, කුද ගහගන්නේ!
    :-p
    හී හී! ඔව් අප්පා!

    ReplyDelete