ස්සා සා සා සා.......දු!
අනේ බුදුහාමුදුරුවනේ මට ඔබ වහන්සේ මතක් වෙන්නෙ වෙසක් කාලෙට විතරමයි.
ඔබ වහන්සේ ඉපදුනේ, බුදු උනේ, පිරිනිවන් පෑවෙ වෙසක් දවසෙලු.
(හොඳ වෙලාවට, බුදු හාමුදුරුවො මොළේ කල්පනා කරල ඔය වැඩ තුනම එක දවසෙ කරගත්තෙ. ඇයි හත්තිලව්වෙ නැත්නම් වියදම් කරපන්කො තුන් පාරක්ම!)
ඒ හින්දා මං දන්සැල් දාල, තොරණ් ගහල, පන්සලේ පිංකම් තියල "දානපති අසවලා" කියල කොහොම හරි කියාගන්නවා.
(දන්සැල් දාන එකත් මරු දතක්නෙ. නියමෙට කීයක් හරි ගහගන්න පුළුවංනෙ. මොකෝ පව් සිද්ධ වෙනවයැ. වෙසක් එකටනෙ.)
කොහෙද? මුං වෙලාවකට මගෙ නම කියන්නෑනෙ.
ඔන්න ඔය වෙලාවට තමා මට ඌරු ජුවල් නගින්නෙ.
ඒ අස්සෙ මේ හාමුදුරු කෙනෙක් කියනව 'වෙසක් එකට විතරක් ආමිස කරල වැඩක් නැතිලු හැමදාම ප්‍රතිපත්තිත් රකින්න ඕනෙ'ලු.
අනේ! ගනයගෙ ප්‍රතිපත්තිය!
තව එකෙක් මට කියනව, 'ඔය ලෝකෙට පේන්න මල් පූජ කරල, පහන් පත්තු කරල වැඩක් නැතිලු. කරනවනම් හිත සුද්ද කරගෙන හිතේ පහනක් පත්තු කරන්න'ලු.
ඒ යකාට මඤ්ඤංද කොහෙද? ඇඟ ඇතුළෙ කොහේ පාන් පත්තු කරන්නද?
උං දන්න බම්බුව.
හරක්!
මේකෙ රහ දන්නවද උං?
මෝඩ හැත්ත!
..
කවුද යකෝ මේ අවේලාවෙ සිංදු කියන්නෙ?
වෙසක් ලබනවා තොරණ් බඳිනවාතැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජ වෙනවා
වෙසක් ගෙවෙනවා තොරණ් ලිහෙනවා
දන්සැල් කාලය නිමවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැරයනවා!
වෙසක් කාලෙටයි කාගෙත් පිංකම් දන්සැල් කාලය නිමවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැරයනවා!
කාට පේන්නද අනෙ මන්දා?
නම්බු රැකීමයි නිවන් දැකීමයි
එක මඟ යන්නේ කොහොමද මන්දා? ///
ඈ යකෝ!
මේ එඩ්වඩ් කාරය නේද මේක කියන්නෙ?
මොකද්ද බොල ඌට තියෙන අමාරුව?
ඌ කතෝලිකය.
***###**
අපිට ඕන්නං අපි කරනව - නැත්තං නිකා ඉන්නව. එක එකා එනවද මෙතන උපදෙස් දෙන්න?
ඕක නම් ඉංතේරුවෙන්ම අපේ මේ 'සිංහල බෞද්ධයො' ගැන ඉරිසියාවට අපිව නැති කරල දාන්න ඕකුං පිටරටවලුත් එක්ක එකතුවෙලා ගහපු ප්ලෑනක්.
අපේ ආගම නැතිකරන්න!
හිතුව මදි තොපි.
තියෙන දෙයක් කාල බීල සද්ද නැතුව ඉන්නැතුව ආව අපේ හරි වැරදි කියන්න.
කාලකණ්ණි!!!
අපිව නැති කරල උංගෙ ආගම පතුරවන්න!
මේ ලංකාවෙ!
හුහ් ....
ඒව කොහෙද යකෝ අපිත් එක්ක?
වරෙව් යන්න මාත් එක්ක.
වරෙල්ල යන්න ඕකගෙ ගේ බිමට සමතලා කරල, ඇට කටු ටික කුඩු කරල එන්න.
*&%^#!*****grrr*** crush****#*&*&*


