Showing posts with label සින්දු. Show all posts
Showing posts with label සින්දු. Show all posts

Tuesday, July 6

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

අම්මප ඇත්ත නේන්නං!!!
දීපංකො උත්තර!!!

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
මඟුල් ඇතා දණගහලා, දෝලාවෙන් වැඩමවලා,
අගමෙහෙසිය වෙන්නද උඹ හිතාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ? 

ආලවඩන ඔමරි ලතා, බාල බොළඳ මිහිරි කතා
හැමදාමත් එක විදියට නෑ පවතින්නේ
මේ කන්නත් පහුව යාවි, අපි දෙතැනක වයස යාවි
ඉර හඳ තරු අපි වෙනුවෙන් නෑ නවතින්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්, සරණ සොයන දිනේ ඇවිත්
උඹ කැන්දං යයි කියලද බලාන ඉන්නේ?
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

වනේ දුවන මුවන් බලා, හෙළා ඉවත නෙලූ පලා
නඟේ ඔහොම කොපමණ කල් ඉන්නද යන්නේ?
මට මව්පියො දොස් කියාවි, වෙන එකියක් ගැන සොයාවි
මම නම් නැහැ තනි පැදුරක වයසට යන්නේ!
ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?

කිරුළ උරුම කුමාරයෙක්....  

ගමේ එකා හිංදද මට බහක් නොදෙන්නේ?//

අහනවනං මේං

එඩ්වඩ් ජයකොඩි
සෝමරත්න දිසානායක
රෝහණ වීරසිංහ

Tuesday, June 22

මා සිත් ගත් කවි 3 - A Letter to His Daughter

මේ ලියුම ලිව්වෙ නේරු නෙවෙයි. දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් සැතපුම් දහස් ගාණක් ඈත දුක් විඳිමින් හිටපු ආදරණීය තාත්ත කෙනෙක් තමංගෙ එකම දූ සිඟිත්තට.
නාහෙට නාහන දඩබ්බර ගතියයි, කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න මවා ගත්තු රළු ගතියයි, කවදාවත්ම නොසංසිඳෙන ස්වාධීනබවේ පිපාසාවයි නිසාමදෝ අවුරුදු දහයක පුංචි කෙලි පොඩිත්ති මේ ලියුම කියවගෙන යද්දි පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ.
ඊට අවුරුදු කීපයකට පස්සෙ තාත්ත ගෙදර එද්දි දෝණියන්දෑ මේ සියළු අවවාද පිළිපැදල තිබුණත්, තාත්තගෙන් ගොඩක් දුරස් වෙලා කියල දැනුණු වෙලාවෙ තාත්තට කඳුළු හංගා ගන්න බැරිවුණා. ඒත් ඒ කඳුළු වලටවත් ඇගෙ දෑස තෙමන්න බැරිවුණා.
තවත් ටිකක් ලොකු වුණාම තමයි ඈට තේරුණේ ආදරය තියෙන්නෙ ලබා දෙන්න කියල.
ඒ ඇගේ කතාව.

මම මේ ලියුම මෙතන දාන්නෙ සියළුම දූවරුන්ට සහ පුතුන්ට.....
සියළු දෙමව්පියන්ට උපහාරයක් විදියට.... 

පැහැදීමෙන්  යුතුව සිප්සල වෙත යන්න
වගකීමෙන්   යුතුව සිප්නැණ දැනගන්න
සැළකීමෙන් යුතුව ගුරුසිත දිනමින්න
ඉගෙනීමෙන් යුතුව හොඳ දරුවකු වන්න

ගුරුමව්   වරුන් හා ගුරු පියවරුන් වෙත
වැදුමව්   වෙතට පානාමෙන් කුළුණුමෙත
කළපව්   වැරදි හැරගන්නට තුටුව සිත
ගුරුදෙව් ලෙසින් හැමදා නමදින්න පුත

ඉගෙනීමට මෙන්ම හොඳ ගතිවලට හුරු
පුරුදුව සිටීමෙන් ලැබගත හැකිය ගරු
සැළකිලි ඇතිව ගිය විට සබයකට සරු
රැකගත හැකිය මුල්තැන කවදටත් හුරු

මුල්තැන ලැබී උඩඟුව උඩ පැනීමෙන්
වැළකී සිටිනු මැන කටමැත දෙඩීමෙන්
රැකගෙන සතුට සාමය ජය ලැබීමෙන්
හොඳ විය යුතුය ඔවදන් පිළිපැදීමෙන්

ඉගෙනීමට  වැඩිය හිත දිරිකරගන්න
බොඳවීමට නොදී හොඳ නම රැකගන්න
සැනසීමට   ඔබේ මව් තුරුලට යන්න
සිහිවීමට    මගේ පිය සෙනෙහස මෙන්න

විහිදුව    මින් ගුණය ජයටැඹ වෙත යන්න
මිරිඟුව    ඒ දෙසම ඇතිබව දැනගන්න
සිරිදුව     විලස ලොවටම යහපත දෙන්න
පොඩිදුව මගේ සුවඳැති කැකුළක් වන්න

Wednesday, June 16

හිත හදාගත්තා විතරමයි - ඔබ ආයෙමත් ඇවිදින්!!!!!

විරහව...
පහුගිය දවස් ටිකේම විරහව ගැන ලියවුණු දෑ බොහෝයි.
මගේ සඳ
අතීතයෙන් අහුලන මතකයන්
සොඳුරු සිත
ආදරය විරහව සහ කඳුළ....
සහෘදයා
ඒවා අතරින් කීපයක්.
කාලෙකට කලින් මගෙ අතින් ලියවුණු කවියක් සහ අමරසිරි පීරිස් මහත්මයගෙ ගීතයක් මතකයට ආවෙ මේක කියවද්දි.  

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්!

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්?
නුඹ නොදැක සිටි දිගු කාලයේ,
හිත හදාගත්තා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

දෑස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්වත් සුවඳ නැතිවිය ඔබ තරම්!
නුඹ නොදැක සිටි ඒ කාලයේ,
නෙත කඳුළු මැකුනා විතරමයි....
ඔබ ආයෙමත් ඇවිදින්!

ඔබ ආයෙමත් ඇවිදින්....

ඔය ගීතය අහන්න කළිං මගෙ අතින් ලියවුණා මෙන්න මේ කවිය. ගෙඩි පිටින්ම මගේ අත්දැකීමක්.
 
පිටමං කරනට ඔබ රුව මනසින්
අනන්ත වූ දුක් වින්දා රහසින්
ආයෙම ඇවිදින් පෙරදා විලසින්
එපා එබෙන්නට මා සිත් අහසින්

මේ සිතිවිල්ල අපි හැමෝටම පොදුයි. ඒත් මේ බොහොම වැරදි, බොහොම භයානක සිතිවිල්ලක්. දුක ඇතිවෙන්නෙ අපේ හිතේ නේද? එහෙනම් ඇයි අපි වෙනත් කෙනෙකුට දෝශාරෝපණය කරන්නෙ? දුක හිතෙන් තුනී කරන්න කියල, දෙන්න මුණ ගැහෙන අවස්ථා මඟ හරින්න උත්සාහ ගන්නෙ? කාලයක් මුණ නොගැහි හිටියම දුක තුනී වෙනවා. හරි. ඒත් ඔය කලින් කියන්නා වගේ හදිසියෙම හම්බ උනොත් මොකෑ වෙන්නෙ? කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු! ඉවරයි නේද හිතේ තිබ්බ සංහිඳියාව?
තමන් ඇති කරගත්ත දුක නැති කරගතයුතුත් තමාමයි. අපි මෙහෙම හිතමු.
(මං මේ පෙන්නන්න යන්නෙ දිශාවක්. මගේ ඇඟිල්ල දිහා බලන්නෙ නැතිව ඔයාල මං පෙන්නන දිශාව දිහා බලාවි කියල මං විශ්වාස කරනව.)
තාපසයෙක් ඉදිරියට  බොහොම රූමත්, අඩ නිරුවත් කාන්තාවක් ඇවිල්ල අනඟ රැඟුමක් දානව කියල හිතමු. තාපසයට ශෘංගාරාත්මක හැඟීමක් පහල වුණා කියලත් හිතමු. දැන් තාපසයට ඕනෙ කරන්නෙ මෙවන් හැඟීම ඇතිවෙන එක වළක්වාගන්න. ක්‍රම දෙකක් තියෙනව.
ලේසිම වැඩේ ඇස් දෙක වහගන්න එක. එතකොට පේන්නෙ නෑ. හරි තාවකාලිකව වැඩේ ගොඩ. හැබැයි ආයෙ ඇස් ඇරපු ගමන් ඉතින් බඩුම තමයි.
දෙවෙනි එක අමාරු ක්‍රමය. ඇස් ඇරගෙන ඇය දිහා බලාගෙන ශෘංගාරය ඇති වෙන්නට ඉඩ නොදී සිටීම. පට්ට අමාරු වැඩක් වුනත් හරියට කරගත්තොත් කිරි ගහට පිහියෙන් ඇන්න වගේ නේද?

අපි හැමෝම අර කළින් කියපු අවස්ථාවෙදි කරන්න උත්සාහ කරන්නෙ ටික කලකට ඇය හෝ ඔහු අමතක කිරීම උනත්, හිතේ යට ඒක තැන්පත් වෙලා තිබිල නැවත සම්බන්ධයක් ඇතිවුණ ගමන් 'වතුරෙ ගිල්වපු රබර් බෝලෙ' වගේ ආයෙ මතුවෙනවා. ඒක දරා ගන්න එක හරි අමාරුයි. ඒත් අපි පුළුවන් තරම එයා හමුවෙලා, නියුට්‍රල් එකේ එයත් එක්ක කතා බහ කරන්න, හැසිරෙන්න උත්සාහ කළොත්?  .............
මේ මම කිව්වෙ මගේ තියරිය. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අදටත් ඔහුව මුණ ගැහුණාම මටත්, මාව මුණ ගැහුණාම ඔහුටත්, ඉස්සර වගේම කට පිරෙන්න, හදවතින්ම හිනා වෙලා, සුහදව කතා කරන්න හැකියාව තියෙන්නෙ අපි දෙන්නම ඔය විදියට හිතපු හින්දා වෙන්ටැ කියලයි මම නම් හිතන්නෙ.
 
මම පොර සේ මේ ක්‍රමය කිව්වට මේක බුදු හාමුදුරුවො දේශනා කරපු උපාදානය අත හැරීමම තමයි.
....තණ්හා <-> උපාදාන <-> භව ....

අපිට හැමදේටම මේක යොදන්න පුළුවං නම් කොච්චර හොඳද?

Tuesday, May 25

අනේ බුදුහාමුදුරුවනේ, අපිට මොකටද වෙසක්? ( wesak! what for??)



ස්සා සා සා සා.......දු!

අනේ බුදුහාමුදුරුවනේ මට ඔබ වහන්සේ මතක් වෙන්නෙ වෙසක් කාලෙට විතරමයි. 

ඔබ වහන්සේ ඉපදුනේ, බුදු උනේ, පිරිනිවන් පෑවෙ වෙසක් දවසෙලු. 
(හොඳ වෙලාවට, බුදු හාමුදුරුවො මොළේ කල්පනා කරල  ඔය වැඩ තුනම එක දවසෙ කරගත්තෙ. ඇයි හත්තිලව්වෙ නැත්නම් වියදම් කරපන්කො තුන් පාරක්ම!)

ඒ හින්දා මං දන්සැල් දාල, තොරණ් ගහල, පන්සලේ පිංකම් තියල "දානපති අසවලා" කියල කොහොම හරි කියාගන්නවා. 
(දන්සැල් දාන එකත් මරු දතක්නෙ. නියමෙට කීයක් හරි ගහගන්න පුළුවංනෙ. මොකෝ පව් සිද්ධ වෙනවයැ. වෙසක් එකටනෙ.)

කොහෙද? මුං වෙලාවකට මගෙ නම කියන්නෑනෙ. 
ඔන්න ඔය වෙලාවට තමා මට ඌරු ජුවල් නගින්නෙ.

ඒ අස්සෙ මේ හාමුදුරු කෙනෙක් කියනව 'වෙසක් එකට විතරක් ආමිස කරල වැඩක් නැතිලු හැමදාම ප්‍රතිපත්තිත් රකින්න ඕනෙ'ලු. 
අනේ! ගනයගෙ ප්‍රතිපත්තිය!

තව එකෙක් මට කියනව, 'ඔය ලෝකෙට පේන්න මල් පූජ කරල, පහන් පත්තු කරල වැඩක් නැතිලු. කරනවනම් හිත සුද්ද කරගෙන හිතේ පහනක් පත්තු කරන්න'ලු. 
ඒ යකාට මඤ්ඤංද කොහෙද? ඇඟ ඇතුළෙ කොහේ පාන් පත්තු කරන්නද?
උං දන්න බම්බුව. 
හරක්! 

මේකෙ රහ දන්නවද උං? 
මෝඩ හැත්ත!
..

කවුද යකෝ මේ අවේලාවෙ සිංදු කියන්නෙ?


වෙසක් ලබනවා තොරණ් බඳිනවා
තැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජ වෙනවා
 
වෙසක් ගෙවෙනවා තොරණ් ලිහෙනවා
දන්සැල් කාලය නිමවෙනවා
වෙස්සන්තර රජු, සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැරයනවා!
 
වෙසක් කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා?
නම්බු රැකීමයි නිවන් දැකීමයි  

එක මඟ යන්නේ කොහොමද මන්දා? ///



ඈ යකෝ! 
මේ එඩ්වඩ් කාරය නේද මේක කියන්නෙ? 
මොකද්ද බොල ඌට තියෙන අමාරුව? 
ඌ කතෝලිකය. 
***###**
අපිට ඕන්නං අපි කරනව - නැත්තං නිකා ඉන්නව. එක එකා එනවද මෙතන උපදෙස් දෙන්න?
ඕක නම් ඉංතේරුවෙන්ම අපේ මේ 'සිංහල බෞද්ධයො' ගැන ඉරිසියාවට අපිව නැති කරල දාන්න ඕකුං පිටරටවලුත් එක්ක එකතුවෙලා ගහපු ප්ලෑනක්. 

අපේ ආගම නැතිකරන්න!
හිතුව මදි තොපි. 

තියෙන දෙයක් කාල බීල සද්ද නැතුව ඉන්නැතුව ආව අපේ හරි වැරදි කියන්න. 
කාලකණ්ණි!!!

අපිව නැති කරල උංගෙ ආගම පතුරවන්න! 
මේ ලංකාවෙ!
හුහ් ....
ඒව කොහෙද යකෝ අපිත් එක්ක?

වරෙව් යන්න මාත් එක්ක. 
වරෙල්ල යන්න ඕකගෙ ගේ බිමට සමතලා කරල, ඇට කටු ටික කුඩු කරල එන්න. 

*&%^#!*****grrr*** crush****#*&*&*





Monday, May 24

උණු උණු වෙසක් ගීතයක් සමඟ සිතන්නට බොහෝ දේ !

මේ ගීතය පටිගතකලේ බොහොම කාලෙකට ඉස්සර. ඒත් මුලින්ම ජනමාධ්‍යයක ප්‍රචාරය වුනේ මේ දැන් ටිකකට කලින්. 

ප්‍රේමකීර්තිගෙ තවත් පුදුමාකාර පද පෙළක්. ඔහු ඔහුගේ මරණය දුටුවාවත්දෝ කියල එක් විචාරකයෙක් මේ ගැන කියද්දි සඳහන් කළා. 
රෝහණ වීරසිංහගෙ සංගීතයට ගායනා කරන්නෙ එඩ්වඩ් ජයකොඩි. 
ආරියදාස පීරිස් අධ්‍යක්ෂණය කරපු සුභා කියන චිත්‍රපටයෙ එන ගීතයක්. මේ චිත්‍රපටය තව නොබෝ දිනකින් අපිට දැකබලා ගත හැකිවේවි. 

එඩ්වඩ්ගෙ මනාව පාලනය කරපු ඉතාම අලංකාර ගායනයත්, රෝහණගෙ නියමෙට ගැළපෙන සංගීතයත් ගැන නොකියාම බෑ. ගීතය අහන්න සලස්වන්න බැරි වීම ගැන සෑහෙන දුකයි. ලැබුණු ගමන් දාන්න පොරොන්දු වෙනවා. 
පද මෙතන තියෙනවා. 
 
පංසලේ කෝවිලේ පල්ලියේ දෙවියනේ
ජීවිතේ බර බාර දී වැඳ යාදිනා දුක් යාතිකා
නෑසුනේදෝ ඔබට මිනිසා
චෝදනා කළ කාරණා //

අවිදරා අත එකිනෙකා මැඩ
නෑ ලොවේ සාධාරණේ
ඔබ කතා නැත බිඳ වැටීලද
සාමයේ පූජාසනේ
කෝ මගේ දෙවියෝ
කෝ අපේ දෙවියෝ //

වරද කාගෙද නැතිද දඬුවම්
නීතියේ දෙව් නීතියේ
බණ පොතේ බණ, බයිබලේ පද, ගීතිකා දේවාලයේ
බුදු පියාණෙනි, දෙව් පියාණෙනි, කුරුසියේ, අල්තාරයේ
ලෝකයා හමුවේ සාමයේ මහිමේ
දෙසනු ආයේ නැවත බිහිවී
දේශනා, බණ දේශනා

ජීවිතේ බර බාර දී වැඳ.....

ආගම්වල නාමයෙන් එකිනෙකා ඇනකොටා ගන්න මේ කාලෙ මේ ගීතය අපිට හිතන්න බොහෝ දේ ඉතිරි කරල තියෙනව නේද?

Saturday, May 22

මා සිත් ගත් කවි - 2. (කවි මඩු)

රට තොට නම නම් වේගයෙන් ගියා
අමරසිංහ නම් නියම සිංහයා
මේ ඔක්කෝටම නෙළන්නම් කියා
මාකඳුරෙන් ඇවිදින්ලු චණ්ඩියා //

සිරියා ඉන්නේ දැන් කෙළවරමයි
මටත් තියෙන හොඳ නෑකම නියමයි
රහසක් පවසමි ඔබටත් පුදුමයි
රෑට නිදාගන්නෙත් මගෙ ළඟමයි //


මී පැණි හලන්නට ඔබගේ දෙසවනට
දස්කම් මටත් හිමිවී ඇත පෙර පිනට
මගෙ කයිවාරු ගැසුවා මෙහි ඇති දැනට
ආභරණයක් වෙන්නම් දැන් මුල'සුනට //


කහවත්තේ පැවති කවි මඩුවකදීය.
ගාල්ලේ ජී. ඇම්. අජිත් මුලසුන හොබවමින් කවි කිවිඳියන් හඳුන්වා දුන් අයුරුයි ඒ. මෙහි සඳහන් කරන ලද්දේ වාදයට සහභාගී වන දෙදෙනාගේ හැඳින්වීම පමණි.

මුලාසනය:
පෙරහැර එක දිගට යනකොට නැත එළියක්
මට ඒ වග හිතුණි තනියම දහ වලියක්
එහෙනම් ඉතිං අරඹන්නද ගිනි කෙළියක්
අප්පුඩියක් ගහමු ඇතිවෙන්නට ජොලියක්

පසු බැස නොමැත මාකඳුරේ අමරේලා
සටනට පා තබති කොහොමත් සිරියාලා
ඔහුවයි ඇයයි මෙහි ඩිංගක් පටලාලා
දැන් මම බලන්නම් හැමටම රස දීලා
කවියා:
දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ

කිවිඳිය:
උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:
අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

කිවිඳිය:
රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ 

කවියා: 
කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ 

කිවිඳිය:
කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා
.........
කවියා: 
කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ 

කිවිඳිය:
අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී 

කවියා: 
කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

කිවිඳිය:
අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල 

කවියා: 
කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය   

කිවිඳිය:
උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ 

කවියා: 
සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක් 

කිවිඳිය:
හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා 

මුලාසනය: 
හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

Wednesday, May 19

නාරද දිසාසේකර අද නිහඬ වෙලා!!!


මම කිසිත් නොමදත් ළදරුවෙකු සේ මං මුළා වී සරමින් සිටියෙමි.
පිපී රේණු නටන මලක හැප්පී, ළා දළු වන මල්ද හිමිහිට සෙළැවූ පවන් රොදක් මට වරෙං වරෙං කියා අඬගැසුවේය.
ඒ ඇරයුමින්ම මගේ මතකයේ නිම් තළා බිඳ අතීතයේ ගඟ ගලා බසින්නට පටන් ගති.
ඈත ගව් ගණන් දුරින් පාවී ආ විලාසිතා අතරින් ආදර නිල් දෑස ඔහුට හමු වූවිට, මුළු හදින්ම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මවා ඇය තවෙකෙකුට අයිතු වුණු හැටි බලා දුක් වූවත් පසුව ඇය නාමලින් දිනූ ලියක්දැයි ඔහුට සිතුණු වාරද අනන්තය.
එහෙත් සියළු දුක්ඛ දෝමනස්සයන් පසෙක ලා, රස වෑහෙන මකරන්ද ඇති පුෂ්පයක ඇරයුමින් මල් පීදුණු කැදැල්ලකට තුරුල් වී කෝකිලයෙක් සේ, හිත ගිය තැන මාළිගාවක් සැදුවේ, ප්‍රේම ලොකේ නීති රීති හරි වැරදි නොසළකන හෙයින් සටනක් වූ ප්‍රේමය චේතනා පරිශුද්ධ වූ හෙයින්ම ජයගත් නිසාවෙනි.
පසුව ඔහුගේ හද මාළිගයේ අභිෂේක ලබාගත් ඈ රන් ගිර'ගින් රන් බඳුනට රන් මසුරන් වැටෙන හඬ ඇසී සතුටින් සිනා නැඟුවාය.
එහෙත් සලිත විලෙක රළ පෙළ විලසින් තණ්හාව නැඟෙනු දුටු විට රන් රිදී වස්තුව එපා කියා ඔහු එය අතහැර දැමීය.
මලින් මලේ රේණු උරමින් පෙම් හබ වල පැටලී සිටියත් උපන් බිමෙ උරුමය රැක ගන්නටත් පෙරටම ගියේ "සවිබල යකඩ වගෙයි අපෙ අත්වල - එඩිතර ගතිය තිබෙයි අපෙ හිත්වල" කියමිනි.
ජීවිතේ ගලන ගඟක් වගේ දුටු ඔහු පුරුදු ජීවන මං තලයේදී ලෝකයේ ගමන නොනිමෙන බවද දුටුවේය.
හිමින් හිමින් පිටුපස්සෙන් තවලම යන්නා වාගේ ගෙවෙන ජීවිතයේ උදාසීන බවද අවසන් කාලයේදී ඔහුට පෙනිණි.

"ජනන මරණ දෙකෙහි බැඳුණු බොරු ආටෝපේ
කොතෙක් දිනක් බලා සිටිමි නිවටෙකු වාගේ
නිවන් සොයා වල්වැද යමි සැණකෙළි ලබමින්"
අවසන මෙසේ කියමින් කුඩ මස්සකු සේ අනන්ත සයුරේ අප තනිකරදමා ඔහු පිටත් විය.

තනිකම වැළපේ. එනමුදු ඔබට නොපෙනේ.

මගේ මුළු හද පාළු හේනකි - කාට මේ දුක කියම්දෝ???

දුකට මුල ආදරය යනබව නොදත්තෙමි නාරදයෙනි....!!!

"දෛවය එක ලෙසයි කාටත් එළඹෙන්නේ
එය කිසිවිටක නැත කිසි තැන පැකිළෙන්නේ
බියකරු රෝගයක සළකුණු පවසන්නේ
අපිහැම තනිඋනා නාරද නැත එන්නේ"

මේ භවයෙදි මුළු දියදායේ - උපදිනු මැන මෙහි ඔබ ආයේ !!!!