Monday, May 24

උණු උණු වෙසක් ගීතයක් සමඟ සිතන්නට බොහෝ දේ !

මේ ගීතය පටිගතකලේ බොහොම කාලෙකට ඉස්සර. ඒත් මුලින්ම ජනමාධ්‍යයක ප්‍රචාරය වුනේ මේ දැන් ටිකකට කලින්. 

ප්‍රේමකීර්තිගෙ තවත් පුදුමාකාර පද පෙළක්. ඔහු ඔහුගේ මරණය දුටුවාවත්දෝ කියල එක් විචාරකයෙක් මේ ගැන කියද්දි සඳහන් කළා. 
රෝහණ වීරසිංහගෙ සංගීතයට ගායනා කරන්නෙ එඩ්වඩ් ජයකොඩි. 
ආරියදාස පීරිස් අධ්‍යක්ෂණය කරපු සුභා කියන චිත්‍රපටයෙ එන ගීතයක්. මේ චිත්‍රපටය තව නොබෝ දිනකින් අපිට දැකබලා ගත හැකිවේවි. 

එඩ්වඩ්ගෙ මනාව පාලනය කරපු ඉතාම අලංකාර ගායනයත්, රෝහණගෙ නියමෙට ගැළපෙන සංගීතයත් ගැන නොකියාම බෑ. ගීතය අහන්න සලස්වන්න බැරි වීම ගැන සෑහෙන දුකයි. ලැබුණු ගමන් දාන්න පොරොන්දු වෙනවා. 
පද මෙතන තියෙනවා. 
 
පංසලේ කෝවිලේ පල්ලියේ දෙවියනේ
ජීවිතේ බර බාර දී වැඳ යාදිනා දුක් යාතිකා
නෑසුනේදෝ ඔබට මිනිසා
චෝදනා කළ කාරණා //

අවිදරා අත එකිනෙකා මැඩ
නෑ ලොවේ සාධාරණේ
ඔබ කතා නැත බිඳ වැටීලද
සාමයේ පූජාසනේ
කෝ මගේ දෙවියෝ
කෝ අපේ දෙවියෝ //

වරද කාගෙද නැතිද දඬුවම්
නීතියේ දෙව් නීතියේ
බණ පොතේ බණ, බයිබලේ පද, ගීතිකා දේවාලයේ
බුදු පියාණෙනි, දෙව් පියාණෙනි, කුරුසියේ, අල්තාරයේ
ලෝකයා හමුවේ සාමයේ මහිමේ
දෙසනු ආයේ නැවත බිහිවී
දේශනා, බණ දේශනා

ජීවිතේ බර බාර දී වැඳ.....

ආගම්වල නාමයෙන් එකිනෙකා ඇනකොටා ගන්න මේ කාලෙ මේ ගීතය අපිට හිතන්න බොහෝ දේ ඉතිරි කරල තියෙනව නේද?

3 comments:

  1. ඇත්තටම අහලා නැහැ.. පද පෙළ හිතට දැණුනා. අහන්නත් තිබුණා නම් හොඳා, නරක් වෙලා තියෙයි. අපූරු තුන් කට්‍ටුව නොවැ... පොරොන්දු කඩ කරනවා නෙමේ ඕන්

    ReplyDelete
  2. ඔබත් සමග දවසක් දෙකක් කාතා කරොත් මටත් සැහෙන දෙයක් ඉගෙන ගත්ත හැකි, මෙ සින්දු මම අහලා වත් නැහැනෙ.. ස්තුති අක්කට. අක්කා ගාව තියනවා නම් අපිත් එක්ක එක බෙදා ගන්න අමතක කරන්න එපා, එක නිර්මාණ හොරකමක් වෙන්න ඉඩතියන්නෙ නැහැ. අපෙන් එ ගායකයා යට යායුතු කොටස යැවිමට වග බලා ගන්නවා.

    ReplyDelete
  3. @ nethu,
    පද පෙළෙන් විතරක් රස විඳින්න අමාරු තරමට අනිත් දෙක ප්‍රබලයි අක්කෙ. මාත් ඇහුවෙ එකම එක පාරයි. දැන් බලද්දි තමා තේරෙන්නෙ ඒ දෙකේ අඩුව. මේ දවස්වල හෝ ගාල හොයනවා. ඉෂ්ට කරන්න බැරි නම් පොරොන්දු වෙන්නෑ නොවැ.

    @ රවා,
    ඉතින් මාත් ඇහුවෙ එදාමයි! අනිවා මල්ලි ...

    ReplyDelete